රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කිරීමේ තීරණයක්…
මින් ඉදිරියට රජයේ පාසල්වල පළමු පාසල් වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, පළමු පාසල් වාරයේදී ක්‍රීඩා හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අපේක්ෂාවෙනි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ සෑම පාසලකම පළමු පාසැල් වරායේදී නිවාසන්තර ක්‍රීඩා , අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශන සහ ක්‍රිකට් තරග වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන බවයි.
එහෙත් විභාග අතපසුවේ යැයි බියෙන් ඇතැම් මව්පියන් සිසුන් ක්‍රීඩාවලට යොමු නොකරන බවට හෙළි වී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙම කටයුතු හේතුවෙන් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන් ද ඉතා කාර්යබහුල වී ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශය සඳහන් කළේ, මින් ඉදිරියට දෙවැනි හා තුන්වැනි පාසල් වාරය පමණක් වාර විභාග පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙවර පළමු පාසල් වාර විභාගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට උපදෙස් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
උපුටා ගැනීම: https://www.newsfirst.lk/
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)