රට පුරා පාසල්වල සා/පෙළ – උසස් පෙළ ශ්‍රේණි ඇරැඹේ…
අ.පො.ස.සාමාන්‍ය පෙළ හා අ.පො.ස.උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් මේ ශ්‍රේණි ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයද ලැබී තිබේ.
කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ශරීර උෂ්ණත්වය මැන බලා සිසුන් පාසලට ඇතුළත් කර ගැනීම, මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම, සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් සෞඛ්‍ය අංශයේ නිර් දේශය පරිදි අදියර හතරක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. පළමු අදියර ලෙස රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 25 වැනිදා ආරම්භ කැරිණි.
6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට කරුණු සලකා බලමින් සිටී.
උපුටා ගැනීම: දිනමිණවෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)