රණබිම රාජකීය විද්‍යාලයේ 25 සැමරුමට සමරු මුද්දරයක්…
මහනුවර ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 25 වන සැමරුම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම පසුගියදා (26) ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේදී සිදු කෙරුණි.
වර්ෂ 1996 මාර්තු මස 02 දින ආරම්භ කළ මහනුවර රණබිම රාජකීය විදුහල ඉතා කෙටි කාලයක් තුළ මෙරට ජනප්‍රිය පාසල් අතරට එක්වූයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වලින් විද්‍යාල සිසුන් සුවිශේෂ දක්ෂතා දැක්වීම හේතුවෙනි.
රණබිම රාජකීය විදුහල හයවන ශ්‍රේණිය සිට ඉහළට පන්ති පැවැත්වෙන විදුහලකි.හයවන ශ්‍රේනිය සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම විශේෂ තරඟ විභාගයික් ඔස්සේ සිදු කෙරෙයි.
මුල්දින කවරය හා සමරු මුද්දරය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත පිළිගැන්වීමෙන් පසු ඒ මහතා විසින් එය විද්‍යාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන එවකට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරය හෙබවූ පාලිත ඇල්කඩුව මහතා වෙත පිළිගැන්වීම සුවිශේෂත්වයකි.
රණබිම රාජකීය විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වන්නේ වත්මන් ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම් කීර්තිරත්න මහතායි. මුල්දින කවරය හා සමරු මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට විද්‍යාලයේ වත්මන් විදුහල්පති කර්නල් රංජිත් රාජපක්ෂ මහතා ද සහභාගි විය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)