රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ හම්බනතොට දිස්ත්‍රික්කයේ පුහුණුලාභීන් 80ක් ආපදා අවදානම් අවම කිරීමේ සහායක සහ මත්ද්‍රව්‍ය නිවාරණ සහායකයන් ලෙස පුහුණු කිරීමේ පාඨමාලාව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ආරම්භ කෙරිණි.
හම්බන්තොට නව නගර සභා රැස්වීම් ශාලාවේදී පැවති මෙම වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කර තිබුණි. රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට රැකියාලාභීන් ලෙස 1385 දෙනකු බඳවා ගෙන තිබේ. ඉන් ආපදා අවදානම් අවම කිරීමේ සහායක පුහුණු පාඨමාලාව සඳහා 50ක්ද මත්ද්‍රව්‍ය නිවාරණ සහායකයන් පුහුණු කිරීමේ පාඨමාලාව සඳහා 30ක්ද වශයෙන් තෝරා ගෙන තිබේ. රැකියාලාභීන් සදහා මෙම පාඨමාලාවන් 2021.02.17 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම පාඨමාලා ආරම්භක අවස්ථාව සදඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කර්මාන්ඩ ප්‍රභාත් මොල්ලිගොඩ, ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.ඩී.අබේවික්‍රම යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)