රැකියා ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ඉක්මනින් හදනවා…
කට පාඩම් අධ්‍යාපනය වෙනස් කරනවා
තරුණ ඛේදවාචකවලට යළි ඉඩ නොදිය යුතුයි
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්
ඕනෑම රටක අධ්‍යාපනය පිහිටා තිබිය යුත්තේ යම් සංස්කෘතික පදනමක් මත බවත්, එහෙයින් වෙනත් රටවල ක්‍රමවේද අනුව කටයුතු නොකර අප රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර ගත යුතු බවත්, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවැසුවේ වත්මන් රජයේ නව අධ්‍යාපන ඇමැතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (13දා) වැඩ භාර ගැනීමෙන් පසු, එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ආයතනවල නිලධාරීන් අමතමිනි.
අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශය සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද, ඒ රැකියාවට අවශ්‍ය හැකියාවන්, නිපුණතාවයන්, කුසලතාවන් මොනවාදැයි සොයා බැලීම එහි අරමුණ බවද ඇමැතිවරයා සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, මා මේ අමාත්‍යාංශයට පැමිණියේ මගේ ජීවිතයේ අවුරුදු 26ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් පසුවයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා මෙහි පැමිණ අවුරුදු 26ක් ගත කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහටයි. අවසානයේ මා උපකුලපතිවරයකු විදිහටත් කටයුතු කළා. ඒ නිසා ගුරු සේවය මට අලුත් දෙයක් නෙවෙයි. ගුරුවරුන් සමඟ ඇසුරු කර තිබෙනවා. ඒ අයගේ ශක්තිය ගැන මට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මම 100%ක් අනුමත කරනවා ඩලස් අලහප්පෙරුම මහතා කී පරිදි ගුරුවරුන්ගේ තිබෙන නිර්මාණශීලීභාවය, ඇපකැපවීම, මේ රටේ තරුණ පිරිසට සේවය කිරීමට තිබෙන අධිෂ්ඨානය ගැන මම පෞද්ගලිකව දන්නවා.
අප අපේ ශිෂ්‍ය පරපුරට දෙන අධ්‍යාපනය හා ජීවනෝපාය මාර්ග අතර සමීප සම්බන්ධතාවක් තිබිය යුතුයි. මේ දැනුම් සම්භාරයෙන් ලැබෙන ප්‍රායෝගික ප්‍රයෝජනය කුමක්ද? කොතැනින් ද රක්ෂා ලබා ගන්න පුළුවන්, කොතැනින් ද ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණා එකක් අනෙකෙන් දුරස්ථ නම් ගැටලු මතුවෙනවා. මේවා සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරියට යාම සඳහා අපි ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කරනවා. අපේ ජනතාවට ඉවසීමේත් යම් යම් සීමාවන් තිබෙනවා. මේ නිසා අගෝස්තු 05 වැනිදා ජයග්‍රහණය සුවිශේෂ ජයග්‍රහණයක්.
මේ අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශය සමඟත් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ රැකියාවට අවශ්‍ය හැකියාවන්, නිපුණතාවයන්, කුසලතාවයන් මොනවාදැයි සොයා බැලීමටයි. අධ්‍යාපනයෙන් ලැබෙන කුසලතා සහ ඒවා ප්‍රායෝගිකව පවත්වා ගැනීම සඳහා තිබෙන අවකාශ කියන කාරණා දෙක එකට එකතු කිරීම සිදුකළ යුතුයි. ඒ දේ නැතිවීම නිසා තමයි මා පෙර සඳහන් කළ භයානක තත්ත්වය ඇතිවුණේ.
අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ දරුවාගේ මනසට තව තව කරුණු එකතු කිරීමයි. අපේ අධ්‍යාපනයේ තිබෙන මූලික දුර්වලතාවය වන්නේ යම් යම් දේ අතට දී කට පාඩම් කරවා ඒවා වමාරන තැනකට යාමයි. ඒ කරුණු සම්භාරය ගැන විශ්ලේෂණාත්මකව සිතාබලා, ජීවිතයේ ඉස්මතුවන අවස්ථාවලදී එය කෙසේද ගලපා ගන්නේ කියන කාරණය සම්බන්ධ යම් යම් අදහස් අපේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පිහිටා තිබෙනවා. ඒ නිසා පාඨමාලා විටින් විට යාවත්කාලීන කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමය සදාකාලික වලංගු ක්‍රමයක් වන්නේ නෑ. ඒ නිසා අපි සම්ප්‍රදායානුකූල ක්‍රමයෙන් ටිකක් ඈත්වී අපට ගැලපෙන ක්‍රමයක් ඇතිකර ගත යුතුයි. සමාජය ඉදිරියට යන්න විකල්ප මාධ්‍ය තිබිය යුතුයි. ජීවිතය සාර්ථක කර ගැනීමට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් පමණක් වෙන්න අවශ්‍ය නෑ. තවත් බොහෝ දේ කරන්න තිබෙනවා. ඒ සඳහා විකල්ප මාර්ග තිබිය යුතුයි. බුද්ධිමය පුහුණුව තිබිය යුතුයි. අලුත් අදහස් අපේ සමාජයට අවශ්‍යයි. අපේ සමාජයට දැන් ඔක්සිජන් අවශ්‍යයි. අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් අධ්‍යාපනය, පෙරපාසල්, සියලු විශ්වවිද්‍යාල, දුරස්ථ අධ්‍යාපනය, විවෘත විශ්වවිද්‍යාල, කාර්මික අධ්‍යාපනය, වෘත්තීමය අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් අයත්ව තිබෙනවා.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)