රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයැඳුම්පත් 14වැනිදාට …
රැකියා විරහිත උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා තිබෙන අපේක්ෂිතයන් සිය අයැඳුම්පත‍්‍ර පෙබරවාරි 14 වැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව එම කාර්යාලය නිවේදනය කරයි.
අදාළ අයැඳුම්පත‍්‍ර ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.l
තෝරාගනු ලබන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සඳහා දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් ලබාදෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කය තුළ වසර පහක කාලයක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතුවේ. ඔවුන් වසරක පුහුණු කාලයකට යටත්වන අතර අදාළ කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් ගෙවනු ලබන බවද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම උපාධි පාඨමාලාව 2019.12.31 වැනි දිනට සම්පූර්ණ කර තිබිය යුතුවේ. රැකියා අපේක්ෂිතයන් වයස අවුරුදු 35ට නොවැඩි විය යුතු අතර අයැඳුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු විය යුතුය. එමෙන්ම ආසන්න වශයෙන් වසර අවුරුදු තුනක කාලයකදී රැකියාවක නිරත නොවූ පුද්ගලයකු විය යුතු බවද එම එහි සඳහන් කර තිබේ.
නිසි පරිදි සම්පූර්ණ කළ අයැඳුම්පත් උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත් අනුව, සසඳා) සාමදාන විනිශ්චයකාරවරයකු / නීතීඥයකු විසින් සත්‍ය පිටපතක් බව සහතික කර මේ මාසයේ 14 වැනිදාට පෙර තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් කුරියර් සේවාව මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ යුතුවේ. එම දිනට පසුව ලැබෙන අයැඳුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
නිසි ලෙස සකස්කළ අයැඳුම්පත‍්‍ර රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධීකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ -01 යන ලිපිනයට යොමුකළ යුතු බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
අදාළ රැකියා අපේක්ෂිතයා උපාධිධාරියෙකු නම් අයැඳුම්පත්රය යොමුකරනු ලබන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර ‘උපාධිධාරී’ ලෙස සටහන් කර දිස්ත්‍රික්කයේ නම සඳහන් කළයුතු අතර ඩිප්ලෝමාධාරියෙකු නම් ‘ඩිප්ලෝමාධාරී’ ලෙස සටහන් කර දිස්ත්‍රික්කයේ නම සඳහන් කළයුතු වේ.
තෝරාගනු ලබන පිරිස අධ්‍යාපන අමාත්‍යංශය (ග්‍රාමීය හා වතු පාසල්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයූර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය (ග්‍රාමීය රෝහල් / ඩිස්පෙන්සරි), මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්රවල සේවාවන්හි නියුක්ත කිරීමට නියමිතය.
උපුටා ගැනීම: ලංකාදීප පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)