ලංකාවේ ප්‍රථම වර්චුවල් (Virtual)ළමාචිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත්‍ර ප්‍රදානය…
ප්‍රවීන චිත්‍ර ශිල්පී තිලක් කළු ලියනගේ මහතා මෙහෙය වූ Art for life චිත්‍ර කඳවුරේ දරුවන් විසින් සිත්තම් කළ චිත්‍ර virtual චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමෙන් පසු ,එහි සහතික පත්‍ර ප්‍රදානය පසුගියදා ජාතික උරුමයන්, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී පැවැත්වුණි.
වයස අවුරුදු හතරේ සිට දාහතර දක්වා වයස් කාණ්ඩ තුනක දරුවන් හැට දෙනෙකු(60) මෙම චිත්‍ර ප්‍රදර්ශනයට සිය සිතුවම් නිර්මාණ සියයක් (100) පමණ ඉදිරිපත් කර තිබුණි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රංගන හේරත්, ප්‍රවීන කලාකරුවන් වන ජයනාත් වරකාගොඩ ,කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ සුරේන් අබේගුණසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)