ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි…
ලොව පුරා කොවිඩ් ආසාදනය වූවන් සංඛ්‍යාව ලක්ෂ 1,122 ඉක්මවා ගොස් තිබේ.
ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 218කින් වාර්තා වන කොවිඩ් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2,485,553ක් වන අතර මුළු ආසාදිතයන් සංඛ්‍යාව 112,268,066කි. ඒ අතරින් 87,803,846 දෙනකු පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වේ.
වැඩිම ආසාදිතයන් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා යෑම විශේෂත්වයකි. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 28,826,307ක් වන අතර එරට මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා යෑම විශේෂත්වයකි. ඒ අනුව එරට මිය ගිය සංඛ්‍යාව 512,590කි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 11,016,434ක් සහ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව 10,197,531ක් ලෙස වාර්තා වන අතර රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, කොලොම්බියාව, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, ජර්මනිය, ඉරානය, පෝලන්තය, දකුණු අප්‍රිකාව, යුක්රේනය, පේරු, නෙදර්ලන්තය රටවල ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.
මේ වන විට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව පන් ලක්ෂයකට වැඩි පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙන් ලක්ෂයකට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඒ අනුව බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 247,276ක් වන අතර ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 156,498කි.
මේ වන විට ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාව වන අතර ඉන්දියාව දෙවැනි ස්ථානයේත්, බ්‍රසීලය තෙවැනි ස්ථානයේත්, රුසියාව සිවු වැනි ස්ථානයේත්, එක්සත් රාජධානිය පස් වැනි ස්ථානයේත් පසු වෙයි.
මේ අතර සාර්ථක එන්නත්කරණ වැඩසටහන්වලින් පසුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ලොව පුරා රටවල් පියවර ගනිමින් සිටී. ඒ අනුව එංගලන්තය ද එවැනි පියවරක් ගැනීමට සූදානම් වන අතර, අගමැති බොරිස් ජොන්සන් ඊට අදාළ සැලසුම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව මාර්තු මස 8 වැනිදා සිට පාසල් යළි විවෘත වනු ඇති අතර, එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට එන්නත දී අවසන් බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා තිබේ. කෙසේ වෙතත් පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත දිය යුතු බවට ඉදිරිපත් වූ ඉල්ලීම් ඔහු ප්‍රතික්ෂේප කර තිබෙන අතර කොවිඩ් යළි උත්සන්න වෙමින් පවතින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පෙරේදා (22) දිනයේ නව ආසාදිතයන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)