වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ඇතුළු වගුරු බිම් සිතියම් ඇතුළත් ‘ඇට්ලස් පොත’ අමාත්‍යාංශ ලේකම් අතට…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ( UNDP) මගින්, වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ලවණ කලපු හා වගුරු බිම් සම්බන්ධයෙන් සකස් කළ, පරිසර තොරතුරු සහ සිතියම් ඇතුළත් ‘ඇට්ලස් පොත’ පරිසර ඇමැති මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පිරිනැමීම පසුගියදා අමාත්‍යායංශයේ දී සිදු කෙරිණි.
එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත Robert Juhkam, ‘ඇට්ලස්’ පොත සකස් කිරීම බාරව කටයුතු කළ එහි කර්තෘ ආචාර්ය වික්‍රම ගමගේ, මහත්වරුන් හා ඔවුන්ගේ නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ. මේ ග්‍රන්ථයේ වයඹ වෙරළබඩ තීරයේ පවතින කඩොලාන, කලපු, ලවණ වගුරු බිම් හා වැලි නිධි පිළිබඳ තොරතුරු රැසක් අන්තර්ගත වේ.
එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත Robert Juhkam මහතා- ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් මෙන්ම ස්වාභාවික සම්පත් පිළිබඳ මෙවැනි ග්රන්ථයක් සකස් කිරීමට දායකත්වය ලබාදීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම සතුටු වන බව කීය.
එසේම මේ වයඹ වෙරළබඩ කලාපය ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, දිළිඳුකම පිටු දැකීම, සංචාරක කර්මාන්තය නංවාලීම මෙන්ම තිරසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් සඳහා මෙවැනි ග්රන්ථයක් සම්පාදනය වීම අතිශය වැදගත් බව ද කී ලේකම්වරයා ඒ සම්බන්ධව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනට තම කෘතඥතාව පළ කළේය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)