වසර 580කට පසු දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද…
වසර 580කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (19) දින සිදු වනු ඇති නමුත් එය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශය ඇතුළු අමෙරිකාව, උතුරු යුරෝපය, නැඟෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, ශාන්තිකර කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බව ද ජයරත්න මහතා සඳහන් කළේය.
සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ දැක බලා ගැනීමට ලංකාවට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කීවේය. මේ දිනවල ශ්‍රී ලංකාවට දර්ශනය වන ග්‍රහණ ඉතා විරලව පවතින බවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ දෙකක් පමණක් දිස්වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව ලබන වසරේ ඔක්තෝබර් 25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් සහ නොවැම්බර් 8 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදු වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
දෙසැම්බර් 4 වැනිදා සූර්යග්‍රහණයක් සිදු වන නමුත් එය ද ශ්‍රී ලංකාවට දර්ශනය නොවන බවත් හෙතෙම කීවේය.
උපාලි කරුණාරත්න, පහන් විජේසේකර
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)