වැඩි කළ ගුරු-විදුහල්පති වැටුප් ජනවාරියේ සිට…
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
මෙවර අය-වැයෙන් සිදු කළ ගුරු විදුහල්පති වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
වැටුප් කොමිසම ඇතුළු අදාළ ආයතන මේ සඳහා කටයුතු කරමින් සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය. ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විසමතා ඉවත් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය ඉකුත් අගෝස්තු 30 වැනිදා ගනු ලැබූ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් ගුරු වැටුප් ගෙවීම සඳහා වෙන් කිරීමට මෙවර අය-වැයෙන් යෝජනා කර තිබුණි. එතෙක් ගුරු විදුහල්පති වැටුප් සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 109,000කි. කෙසේ වෙතත්, ජනවාරි මාසයේ සිට ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම ලබා දීමට නම් ගුරුවරුන්ගේ වැටුප් දිනය වන ජනවාරි 20 වැනිදාට පෙර එයට අදාළ චක්‍රලේඛ සියල්ල නිකුත් විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. ගුරුවරුන්ගේ ජනවාරි වැටුපට මෙම වැටුප් වැඩිවීම නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට ගුරු විදුහල්පති සංගම් පසුබට නොවන බවද ඒ මහතා කීවේය.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)