විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ…
එළැඹෙන වසරේ සිට සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරෙන අතර ජාතික විශ්වවිද්‍යාලවලට පෙර මෙම විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියමිතය.
මෙම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට පත් කෙරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වන අතර ඒ වෙනුවෙන් විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් එම ආයතනයට පත් කෙරේ.
එමෙන් ම ගුරු විද්‍යාල අටක් ද මෙම විද්‍යාපීඨ සමග ඒකාබද්ධ කර ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.
මින් ඉදිරියට පාසල්වලට බඳවා ගැනෙන්නේ මෙම විශ්වවිද්‍යාල මගින් පුහුණුව ලබන උපාධිධාරින් පමණකි. එම ක්‍රියාමාර්ගයත් සමග ජාතික විශ්වවිද්‍යාලවල උපාධිධාරින් ගුරු වෘත්තීය සඳහා තෝරා නොගැනේ.
මෙම පියවරයන් ක්‍රියාත්මක කරන අතර ගුරුවරුන්ගේ වැටුප් පරිමාණයන් ද ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතියි.
විද්‍යාපීඨ සඳහා සිසුන් තෝරා ගැනෙන්නේ ජාතික විශ්වවිද්‍යාලවලට පසුව වන අතර ඊට පෙර මෙම විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ අරමුණ වන්නේ උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් ගුරු වෘත්තිය කරා යොමු කර ගැනීම බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ‘අරුණ’ට පැවසීය.
එම ක්‍රියාමාර්ගයෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රය සුවිශේෂ වෙනසකට ලක් කරන බවත් කී ලේකම්වරයා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් පාසල් පද්ධතියට ඇතුළත් කර ගන්නා උපාධිධාරීන්ට දරුවන්ට ඉගැන්වීම සඳහා නිසි පුහුණුවක් නොලැබෙන බවත් ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව එවැනි උපාධිධාරීන් පාසල් පද්ධතියට බඳවා නොගැනෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ගුරුවරුන් වෙනුවෙන් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී වෘත්තීය සුදුසුකම් අනුව ලකුණු දීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
උපුටා ගැනීම : අරුණ පුවත්පත
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)