විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි…
මේ දිනවල ව්‍යාප්තව පවතින කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්වය සලකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලාවන් හදාරනු ලබන පුහුණුලාභීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2020.03.13 වන දින සිට 2020.03.31 දක්වා සියළු පුහුණු පාඨමාලාවන් සඳහා තාවකාලිකව නිවාඩු දීමට තීරණය කර ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවල සියළුම පුහුණු පාඨමාලාවන් මේ අනුව තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
එසේම නේවාසිකව රැදී සිටින සියළුම පුහුණුලාභීන්ට තම නිවෙස් වලට යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාර්යාංශය දැනුම් දීමක් කර ඇත.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)