විභාගයට යන සිසුන්ට දැනුම්දීමක්…
කොවිඩ් -19 ව්‍යාප්ති තත්ත්වය වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙවර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත.
ඒ අනුව, සිසුන්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා https://info.moe.gov.lk දිගුව ඔස්සේ පිවිසිය හැකිය.
උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා මෙවර පෙනී සිටින සියලු දරුවන් සුරක්ෂිතව විභාගය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වී ඇත.
එබැවින්, නිරෝධායන ඇඳිරිනීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල සිසුන්, ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සිසුන් මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේ වුව ද, අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම විභාගයට පෙනීසිටීමට බාධාවක් නොවන බව ද සියලු සිසුන් හා දෙමව්පියන් වෙත අවධාරණය කරයි.
මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ගමන් කරන දරුවන් සහ මව්පියන් ප්‍රවාහනයට එම ප්‍රදේශවල හෙට (11) දිනයේදී විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා මගනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “අපි ගම්පහ සිට කොළඹට බස් රථ ධාවනය කරන්නේ නෑ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ග්‍රාමීය මාර්ගවලත් බස් රථ ධාවනය කරනවා. එහෙත් එම බස් රථ කිසිම අයුරකින් විභාග ශාලාවෙත යන දරුවන් සහ දෙමව්පියන් හැර වෙනත් කිසිදු මගියෙකුව ප්‍රවාහනය කරන්නේ නෑ. මේ බස් රථ ධාවනය කරන්නේ ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විභාග කාලසීමාව තුළදී පමණයි.” යනුවෙනි.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා දුම්රිය පහසුකම් සැපයීම පිළිබඳව ද නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කර ඇති එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ 2020.10.11වන දින සිට 2020.11.06 දින දක්වා ඉහත විභාගයන් පැවැත්වෙන කාලය තුළ පහත ලේඛනවල සඳහන් දුම්රියන් ධාවනය කරවීමට සූදානම් කර ඇති බවය.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් සඳහා මැදිරි වෙන් කර එම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.
(එම ලේඛන පහතින්)
උපුටා ගැනීම : අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)