විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව වැඩිකෙරේ…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් ප්‍රතිපාදන වෙන්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
දිවයින පුරා උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2648ක් වන අතර එලෙස විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගෙන තිබෙන පාසල්වල සංවර්ධන සමිති සඳහා රුපියල් 15,000ක් බැගින් ප්‍රතිපාදන ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
එම ප්‍රතිපාදන අදාළ ගිණුම් වෙත බැරකරන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් එම කාර්යය ක්‍රියාත්මක කෙරේ.
එම ප්‍රතිපාදන ලබාදෙනුයේ, අධ්‍යාපන අමාත්‍යාංයේ සෞඛ්‍ය ඒකකය විසිනි.
මේ වනවිටත් අදාළ විභාග මධස්ථානයන්හි සේවයේ නියුතු විභාගශාලා පරීක්ෂකවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති මුඛ ආවරණ, ආරක්ෂිත පැළඳුම් සහ විෂබීජනාශක සේදුම් කාරක සැපයීම් වැනි සෞඛ්යාරක්ෂිත පහසුකම්වලට අමතර වශයෙන් එම ප්‍රතිපාදන ලබාදෙයි.
එමෙන්ම, දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල අ.පො.ස උසස් පෙළ විභාගය මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහතික කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
මේ අතර සියලුම අපේක්ෂකයින් මෙන්ම සේවයේ නියුතු කාර්යය මණ්ඩලයන්හි සෞඛ්‍යාරක්ෂාව සැලසීමට උපරිම වශයෙන් කටයුතුකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)