විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…
තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ රැකියා වෙළෙඳපොලට ගැළපෙන පරිදි මානව සම්පත සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තොරතුරු තාක්ෂණ විෂය ධාරාය යටතේ නව උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට සැලළසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති , ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
මෙම නව උපාධි පාඨමාලාව සඳහා එකවර සිසුන් දස දහසක් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතර සියළුම විෂය පාඨමාලාවන් (online) මාර්ගගත ක්‍රමවේදය යටතේ පැවැත්වීම සිදුකෙරෙන බවද අමරතුංග මහතා සඳහන් කළේය.
තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ වන ආයතන, ව්‍යාපාර අංශය ආදියද සම්බන්ධ කර ගනිමින් මෙම නව උපාධි පාඨමාලාව සකස් කර ඇති අතර මෙම පාඨමාලාව යටතේ විෂය ධාරාවන් ගණනාවක් හැදෑරීමේ හැකියාව ඇති බවද ඒ මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ලක්ෂ තුනකට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් වාර්ෂිකව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින බවයි. එලෙස පෙනී සිටින සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගත හැක්කේ සිසු සිසුවියන් 41500 ක් වැනි පිරිසක් බබද ඒ මහතා පැවසීය.
එබැවින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් විය නොහැකි හා උසස් අධ්‍යාපනය ලබාගැනීමේ කැමැත්තෙන් පසුවන සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් මෙම පාඨමාලාව සකස් කර ඇති බවද සඳහන් කළේය.
උසස් පෙළ විභාගය සඳහා වාර්ෂිකව ලක්ෂ තුනකට අධික පිරිසක් පෙනී සිටිනවා. ඒ අයගෙන් 41500 ක් වැනි පිරිසකට පමණයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් විය හැක්කේ. ඒ නිසා උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමැත්තෙන් පසුවන සියලුම දරු දැරියන් වෙනුවෙන් කවර හෝ ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි විවෘත විශ්ව විද්‍යාලය තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ මෙම උපාධි පාඨමාලාව ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙන්නේ. උසස් පෙළ විෂයයන් තුනක් කවර හෝ විෂය ධාරාවක් යටතේ සමත්වීම මෙම පාඨමාලාව හැදෑරීමට ඇති මූලික සුදුසුකමයි. ඒ වගේම උසස් පෙළ විෂයන් තුනම එකවර සමත්විය යුතු නැහැ. අවස්ථා තුනකදී විෂයන් තුන සමත්වී තිබුනත් ඇති. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත්ව සිටින අයතටත් මේ වෙනුවෙන් අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා. විවෘත විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය දියුණු කිරීම සඳහා රජය මිලියන තුන්සියයකට අධික මුදලක් වැය කර තිබෙනවා. ඉතාමත් දියුණු ආකාරයට මෙම අංශය වැඩිදියුණු කර තිබෙනවා.
මෙම පාඨමාලාව වෙනුවෙන් අයදුම්පත් කැඳවීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ සිදුකෙරෙනවා. කැමති අයට අයදුම් කරන්නට පුළුවන්. තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ සිදුකෙරෙන සියළුම පාඨමාලාවන් මාර්ගගත ක්‍රමවේදය යටතේ පවත්වනවා. උපාධි පාඨමාලාව ආරම්භයේදී සිසුන් විශ්ව විද්‍යාලයට කැඳවනවා. මෙම උපාධි පාඨමාලාව වෙනුවෙන් සම්බන්ධ වී සිටින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ ආයතන විසින් එම පිරිසට රැකියාද ලබා දෙනවා.
විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා
විවෘත හා දුරස්ථ ක්‍රමවේදයට අධ්‍යාපන පාඨමාලාවන් දිගු කාලයක් තිස්සේ සිදුකරගෙන යන එකම ආයතනය විවෘත විශ්ව විද්‍යාලයයි. අපි අවුරුදු පහළොවකට අධික කාලයක් මෙම ක්‍රමවේදය සිදුකරගෙන යනවා. තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ අපගේ විශ්ව විද්‍යාලය තුළ විවිධ විෂයන් යටතේ උපාධි පාඨමාලාවන් රැසක් තිබෙනවා. නමුත් තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ පවතින ශ්‍රම හිගය වෙනුවෙන් මැදිහත් වන ලෙස රජය අපගෙන් ඉල්ලීමක් සිදුකළා. ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය ධාරාව යටතේ නව පාඨමාලාවන් රැසක් ආරම්භ කරන්නට අපි තීරණය කළා. මෙහි ඇති සුවීශේෂී භාවයන් ගණනාවක් තිබෙනවා.උසස්පෙළ වෙනුවෙන් කවර විෂය ධාරාවක් යටතේ වුවද අධ්‍යාපනය හදාරා ඇති දරු දැරියන්ට මෙම උපාධි පාඨමාලාවට අයදුම් කළ හැකියි. උසස් පෙළ විෂයන් තුනක් සමත්වීම ප්‍රමාණවත්. ඒ වගේම අවස්ථා තුනකදී මෙම සමත්වීම සිදුව තිබුණත් ගැටළුවක් නැහැ. ලන්ඩන් ඒ ලෙවල් යටතේත් මෙයට අයදුම් කළ හැකියි. ඒ වගේම මේ සැරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරු දැරියන්ටත් මේ වෙනුවෙන් අයදුම් කළ හැකියි. සියලුම පාඨමාලාවන් පවත්වන්නේ මාර්ගගත ක්‍රමවේදයට. රැකියාවන්හි නිරතවන අයටත් මේ සඳහා අයදුම් කරන්නට පුළුවන්. මොකද තමන්ට පහසු අවස්ථාවක දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපේ විශ්ව විද්‍යාලයේ බොහෝ පාඨමාලාව පවත්වන්නේ සති අන්තයේ. හදිසි අවස්ථාවකදී තමයි සතියේ දිනයක දේශන පවත්වන්නේ. ඒ වගේම රජය විසින් පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබාදෙන සහන ණය ක්රමවේදයත් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ලැප්ටොප් ඇතුළු අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහාත් ණය දෙනවා.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)