විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර…
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 50ක් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාලවලට අවසර දී ඇත.
ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි මේ අවසරය දුන් බව ‘දිනමිණ‘ කළ විමසුමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
දැනට විභාග පැවැත්වෙන, අධ්‍යයන නිවාඩු හෝ නිවාඩු දී ඇති විශ්වවිද්‍යාල ද තිබිය හැකි බැවින් ඒ ඒ විශ්වවිද්‍යාලවලට අදාළ පරිදි කාලසටහන් අනුව මේ තීරණය ක්‍රියාත්මක කළ හැකි බව ද මහාචාර්යවරයා කීවේය.
විභාග තිබෙන තැන් තිබෙනවා. අධ්‍යයන නිවාඩු දී ඇති තැන් තිබෙනවා. නිවාඩු දුන් තැන් තිබෙනවා. අපි අවසරය දී තිබෙන්නේ අදාළ පරිදි විශ්වවිද්‍යාලවලට ඒක යොදාගන්න කියලා. සමහර විශ්වවිද්‍යාල සමහර විට සඳුදා එන්න කියයි. සමහර විශ්වවිද්‍යාල ලබන මාසයේ එන්න කියයි. ඒ අයගේ කාලසටහන් අනුව එන්න අවසරය දීලා තිබෙන එකයි කරන්නේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල වෙත අවශ්‍ය උපදෙස් දී තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීම නිසා විශ්වවිද්‍යාල ද වසා දැමීමට වූ අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් දේශන හා විභාග පැවැත්වීමට පියවර ගනු ලැබිණි. රට නැවත විවෘත කිරීමෙන් පසු විශ්වවිද්‍යාලවලට සිසුන් කැඳවීම සිදු වූයේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25කි. නව තීරණය ක්‍රියාත්මක වීමත් සමඟ එම ප්‍රතිශතය සියයට 50 දක්වා වැඩි වේ.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)