විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්…
විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ලබාදීමට රජය තීරණය කරයි. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම්ලත් සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් මේ වැඩසටහන සැලසුම් කර තිබේ.
ඒ අනුව මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 300 ක් වන අතර අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04 ක වගකීමක් සහිතව ලැප්ටොප් පරිගණක පිරිනැමේ.
2021 වසර සඳහා විශ්ව විද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුවිණි.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)