විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර…
එන්නත් මාත්‍රා දෙකම ගත් සිසුන් පමණයි
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මින් ඉදිරියට ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මේ අනුව විශ්වවිද්‍යාලයට කැඳවීමට හැකි වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින සහ දෙවැනි එන්නත ලබා සති දෙකක් ගත වූ සිසුන් පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම කොමිෂන් සභාවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අදාළ සිසුන් එන්නත් මාත්‍රා දෙකම ගත් බව තීරණය කිරීම සඳහා එන්නත් කාඩ්පත් විශ්වවිද්‍යාලයට දිය යුතු බවද සභාපතිවරයා එහිදී පැවසීය.
විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන්නේ කෙසේ දැයි තීරණය කිරීම සඳහා උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදී කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු බවට තීරණය කළ බවද කීය. එසේම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වය දී තිබෙන බවද සඳහන් කළේය. මූලික වටයේදී ඒ ඒ පීඨවල කුමන කණ්ඩායමද කැඳවිය යුත්තේ යන්න තීරණය කළ යුතු බව කී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, වෛද්‍ය විද්‍යාල සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨ එම තීරණයට යටත් නොවන බවද කීවේය.
දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)