ශිෂ්‍යත්වයේ විශිෂ්ටයින්ට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.
බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවාගේ ද ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
දක්ෂතා සහිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම සරසවි ප්‍රවේශය ලැබුවහොත් සරසවි අධ්‍යාපනය ද හමාර වනතුරු මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට CL Synergy ආයතනය එලෙස කටයුතු කර තිබේ.
එක් සිසුවෙකු වෙනුවෙන් මාසික ව රුපියල් 4500ක මුල්‍යාධාරයක් මේ යටතේ ලබාදෙන අතර එයින් රුපියල් 500ක මුදලක් මාසිකව දරුවා නමින් ඇරඹෙන ගිණුමකට තැන්පත් කරනු ලැබේ.
අද දෙරන
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)