ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ…
2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.
විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ.
විභාග කාල සටහන පහතින් දැක්වේ.
- 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
- අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
- අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)