ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ කඩයිම් ලකුණ 187කි. මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ලකුණු 186කි. පිළිවෙලින් කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර කිංස්වුඩ් විදුහල ඉහළ කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
බාලිකා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගනු ලබන කඩයිම් ලකුණු සංඛ්‍යාව 189කි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 186කි. මේ අතර පිළිවෙළින් කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාව මුල් කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයටය. ඒ ලකුණු 179කි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 178කි. පිළිවෙළින් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය යන පාසල් ඉහළම කඩයිම් ලකුණු ඇති පාසල් අතර වේ.
උපුටා ගැනීම: ලංකාදීප ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)