සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙවර උසස්පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ අයදුම්කරුවන් 187,167 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.
ඒ අතරින් අයදුම්කරුවන් එක්ලක්ෂ 13,637 දෙනෙකු නව විෂය නිර්දේශය යටතේත් අයදුම්කරුවන් 67,489 දෙනෙකු පැරණි විෂය නිර්දේශය යටතේත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත.
2019 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රථිඵල අනුව නව විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන් ෆොන්සේකායි. ගණිත අංශයේ පැරණි විෂය නිර්දේශයෙන් පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. ජීව විද්‍යා අංශයේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍යාව හිමිකර ගෙන තිබෙනවා.
වාණිජ විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිශොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා ශිෂ්‍යාව සමත්ව තිබෙනවා. වාණිජ විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහයි.
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසඳ ගාල්ලගේ විසින් හිමිකර ගෙන තිබෙනවා. කලා විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේද එම විද්‍යාලයේම ඉගෙනුම ලැබූ නිපුණ විරාජ් හෙට්ටිආරච්චි ශිෂ්‍යයාටයි. කලා විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙෂානි මිලින්දි වැලිගමගේ ශිෂ්‍යාව හිමි කරගෙන තිබෙනවා.
උපුටා ගැනීම: Neth News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)