සරසවි සිසුන්ට අවශ්‍ය පරිඝණක මෙරට නිෂ්පාදනයට උපදෙස්…
පරිඝණක පහසුකම් නොමැතිවීම නිසා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමට දුෂ්කරතා මතුවී ඇති මෙරට විශ්ව විද්‍යාල සිසුන්ට එම පහසුකම් ලබා දීම පිණිස,අවශ්‍ය පරිඝණක සියල්ල මෙරට නිෂ්පාදනය කිරීමේ කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ආරම්භකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයා ට උපදෙස් ලබා දී ඇත .
අන්තර්ජාල ඔස්සේ අධ්‍යාපන කටයුතු කිරීමට විශ්ව විද්‍යාල සිසුන්30%කට පමණ පහසුකම් නොමැති බව වාර්තාවී ඇති අතර මේ පිළීබඳව ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව තොරතුරු සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ,කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
මේ දිනවල විශ්ව විද්‍යාල වසා ඇති බැවින් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ආචාර්ය වරුන් ප්‍රමුඛ කතිකාචාර්යවරුන් අදාල දේශන අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ලබා දුන්නද පරිඝණකයක් හෝ නවීන මාදිලියේ දුරකතනයක් හෝ නොමැති ඈත ගම්වල එම දූදරුවන්ට තම අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය පරිඝණක කඩිනමින් මෙරටදීම නිෂ්පාදනය කිරීමට ජනාධීපති තුමන් උපදෙස් ලබා දුන් බවද ඇමැතිවරයා කියයි.
ලෝකයේ දියුණු රටවල මෙන්ඈත ගම්වල දරුවන්ටත් පරිඝණක පහසුකම් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති අතර විශ්ව විද්‍යාල විවෘත කරන තෙක් මෙම පරිඝණක පහසුකම් ලබා දීම සිදු කෙරෙනු ඇති බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)