සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා නොගෙන දරුවන්ගෙන් පළි ගැනීම හොඳ ක්‍රියාමාර්ගයක් නොවෙයි. පාසල් දරුවන් සඳහා මාර්ගගත අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීම සඳහා දුරකථන සේවා පුළුල් කිරීමට අමතර ව සම්පත් මධ්‍යස්ථාන 2096ක් රට පුරා. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්…

ගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/14දින පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන අනුව ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරු ව මාධ්‍ය අමතමිනි.
එන්නත්කරණයෙන් අනතුරුව සෞඛ්‍ය නිර්දේශවලට අනුව හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සිදුකළයුතු ය යන්න රජයේ ස්ථාවරය වන අතර ඊට ප්‍රථම දැනට අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන දුරස්ථ/මාර්ගගත කටයුතු සඳහා ප්‍රවේශයේ පවතින ගැටලුව විසඳීම පිණිස රට පුරා සම්පත් මධ්‍යස්ථාන 2096ක් විවෘත කොට තිබේ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ දේශපාලන අධිකාරිය ද ඒකාබද්ධ ව එම සම්පත් මධ්‍යස්ථාන තෝරාගනු ලබන අතර ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් යන්ත්‍ර ඇතුලු පහසුකම් එම මධ්‍යස්ථාන වෙත යවා තිබේ.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)