සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු මාසයේදී…
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්“සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
දවස් 10ක් තිස්සේ මේ විභාගය පැවැත්වුණා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් විභාගය සඳහා පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 4513ක විභාගය පැවැත්වුණා. විශාල අභියෝගවලට මුහුණදීල තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගය ආරම්භ වනවිට ආසාධිත දරුවන් හිටියේ 38යි. අවසාන වනවිට සිසුන් 62යි. මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අපි කලින් සූදානම් වෙලා තිබුණා. මුළු රටේ ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි හදල තිබ්බා. ඒවගේ ම නිරෝධායනයට ලක්වුණු දරුවන් 322ක් හිටියා. හැම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයකුත් සකස් කරලා තිබුණා. ඒවගේ ම පසුගිය දවස් දෙකේ අයහපත් කාලගුණය නිසා සමහර ගැටලු පැන නැඟුණා. හැබැයි අපිට පුළුවන් වුණා බොහොම සාර්ථක ව ප්‍රශ්නපත්‍ර විභාග මධ්‍යස්ථානවලට නියමිත වේලාවට යොමු කරන්නට.
අපි තීරණය කරලා තිබෙනවා සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පවත්වන්නට. ඒකෙ ප්‍රයෝජනය තමයි, මේ දරුවන්ට හැකියාව ලැබෙනවා මාර්තු සහ අප්‍රේල් මාස තුළ ඒ සඳහා සූදානම් වෙන්නට. උත්තර පත්‍ර ඇගයීම මේ මාසේ 27වන දින ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජුනි මාසයේ පමණ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටත් ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් අපට හැකියාව ලැබෙයි.
මේ සමස්ත වැඩපිළිවෙළ නිසා පාසල් පද්ධතිය සම්පූරණයෙන් විවෘත කරලා අධ්‍යයන කටයුතු අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. මේ සඳහා කැපවීමෙන් වැඩ කටයුතු කළ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට, විභාග දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය ක්ෂේත්රයට, පළාත් පාලන ආයතනවලට සහ මාධ්‍යයට අපේ ස්තූතිය හිමි වෙනවා. යනුවෙන් ද පැවසී ය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)