සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පරිගණක ගත කර අවසන්
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප්‍රතිඵල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.
එම කි‍්‍රයාවලිය අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
රට තුළ පවතින තත්ත්වය හමුවේ දෛනිකව කාර්ය මණ්ඩලයේ 15 ක පමණ පිරිසක් යොදා ගෙන එම කටයුතු සිදුකරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ මෙම මස 30 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.
ඉකුත් දෙසැම්බර් මස පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයන් හත්ලක්ෂ 17,000 ක් සුදුසුකම් ලබා සිටියා.
උපුටා ගැනීම : නෙත්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)