සා.පෙළ ප්‍රවේශ පත්‍ර අද තැපෑලට…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත අද (16) තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.
එසේම, පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර ද මේ සමඟම තැපැල් කිරීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා මේ බව පැවසුවේ දිනමිණ මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ය.
එසේම, මෙම විභාගයට අදාළව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මේ මස 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ප්‍රසිද්ධ විභාග පනතේ 22 වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝග අනුව සපුරා තහනම් බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. යම් තැනැත්තකු හෝ ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග කඩ කිරීමක් හෝ උල්ලංඝණය කිරීමක් සිදුකළහොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානයේ 0112 421111, පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලයේ 0112 785211, 0112785212, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208, 0112 784537 දුරකථන අංක අමතා එම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)