සා/පෙළ විභාගය ඇරඹෙයි…
ආසාදිතයන් 38කට විශේෂ මධ්‍යස්ථාන
රට පුරා විභාග මධ්‍යස්ථාන 4 ,513කදී ඊයේ (01) ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ-2020 විභාගය සෑම විභාග මධ්‍යස්ථානයකදීම කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.
කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්ව සිටින විභාග අපේක්ෂකයන් 38 දෙනකු විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී මෙදින විභාගයට පෙනී සිටි බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. උතුරු මැද, වයඹ සහ ඌව පළාත් හැර සෙසු පළාත්වලින් මේ ආසාදිතයන් වාර්තාවී තිබූ බවත් පැවසීය.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423,746ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 198,606ක් ද වශයෙන් මුළු අයදුම්කරුවන් 622,352ක් පෙනී සිටීමට නියමිතය. මේ මස 10 වැනිදා දක්වා විභාගය පැවැත්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)