සෑම සරසවි සිසුවකුට ම ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න…
රටපුරා පරිගණක හදන වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්
පරිගණක පහසුකම් නොමැති නිසා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විශ්වවිද්‍යාල සිසුන්ට පරිගණක පහසුකම් ලබා දීම සඳහා මෙරට දීම පරිගණක නිෂ්පාදනය කිරීමේ කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී ඇත.
අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු කිරීමට විශ්වවිද්‍යාල සිසුන් සියයට 30 කට පමණ පහසුකම් නොමැති බව වාර්තා වී ඇති අතර මේ පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
මේ දිනවල විශ්වවිද්‍යාල වසා ඇති බැවින් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ප්‍රමුඛ කථිකාචාර්යවරුන් අදාළ දේශන අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ලබා දුන්න ද පරිගණකයක් හෝ නවීන මාදිලියේ දුරකථනයක් හෝ නොමැති ඈත ගම්වල සරසවි දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය පරිගණක කඩිනමින් මෙර ටදීම නිෂ්පාදනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ලෝකයේ දියුණු රටවල මෙන් මෙරටත් ඈත ගම්වල දරුවන්ට පරිගණක පහසුකම් ලබා දීමට මේ අනුව රජයේ අවධානය යොමු වී ඇති අතර විශ්වවිද්‍යාල විවෘත කරන තෙක් මෙම පරිගණක පහසුකම් ලබා දීම සිදු කෙරෙනු ඇති බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)