Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

Sponsoredවිශේෂාංග
Home›News›Sponsored›සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

By Publisher SP
January 5, 2020
2146
0
Share:

සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව වසර උදාවීම් දෙකක් එකම වසරක දී සමරන ලොව එකම රට භාග දා ශ්‍රී ලංකාව විය හැකිය. මක් නිසාද යත් ජනවාරි පළමුවෙනිදාට මෙන්ම අප්‍රේල් මාසයේ දී ද අලුත් අවුරුදු උදාවන් සමරන හෙයිනි. එක් අවුරුදු උදාවක්, ඉර හද තාරකා මත පදනම් වුණු ගොවිතැන ප්‍රධාන කර ගත් නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් මත ගොඩ නැන්වූණු සංස්කෘතියක අතීත මතක සැමරුමක් වන අතර, දෙවැන්න රටක් ලෝක ගෝලයට විවෘත වීම නිසාවෙන් ලෝක සම්මතය වැළද ගැනීමේ අනිවාර්ය හේතුව නිසාවෙන් ඇති වූවක් වෙයි. කොයික කොහොම වුණත් අද අප කියන්නට යන්නේ නව අවුරුදු උදාව සැමරූ මෙරට අතිමහත් ජනතාවක් එකම දිනයක දී වැළඳු කිරිබතෙහි පෝෂණ විද්‍යාත්මක රහස් ය.

  • කිරිබතට රස කාරක එක් කළොත් ගුණ වැඩියි. එනසාල් මුසු කිරිබත් කෑවොත් දවසම ප්‍රබෝධවත් 
  • පොල් කිරි සතු මේදය හදවතට හිතකර මේද අම්ලයක් 
  • කිරිබතට පොල් කිරී යෙදිමෙන් වැඩි පෝෂණීය අගයක් 
  • කිරිබත සෞඛ්‍යයට වඩාත් හිතකර  ආහාරයක් වන්නට නම්  එය රතු කැකුලු  සහලින් හෝ සුවදැල් වැනි සුදු සහලකින් සකස් කර ගැනීම යෝග්‍යය වෙයි. 
  • රම්පේ, කරදමුංගු සහ පොල් කිරි යහමින් දමා පාරම්පරික සහලින් කිරිබත සකස් කළොත් අමිල ගුණ රැසක් 
  • කිරිබතට රම්පේ කොළ කිහිපයක් එක් කළොත් රුධිර සීනි මට්ටම පාලනය වෙයි

කිරිබතේ විවිධ ගුණ

කිරිබත සෞඛ්‍යයට වඩාත් හිතකර ආහාරයක් වන්නට නම් එය රතු කැකුලු සහලින් හෝ සුවදැල් වැනි සුදු සහලකින් සකස් කර ගැනීම යෝග්‍යය වෙයි. රතු කැකුලු වනාහි, අපගේ ආහාර ජීර්ණ පද්ධතියට බෙහෙවින් වැදගත් වන හිතකර ක්ෂද්‍රජීවි ක්‍රියාකාරිත්වය දියුණු කරන ප්‍රී බයොටික්වලින් (ආහාරමය තන්තු) සහ සිරුරට අවැසි පෝෂ්‍ය පදාර්ථ රාශියකින් ඉතා පොහොසත් ආහාරයක් වෙයි.

රතු බත් වල ග්ලයිසීමික අගය මධ්‍යම අගයක් ගන්නා අතර, සුදු සහල් ග්ලයිසීමික් අගය ඉහල ආහාරයක් වෙයි. ග්ලයිසමික් දර්ශකය (GI) යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටමට බලපාන ආකාරයට සාපේක්ෂව ආහාරවල කාබෝහයිඩ්‍රේට ශ්‍රේණිගත කිරීමකි. අඩු ග්ලයිසීමික අගයක් සහිත ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට් වඩාත් සෙමින් ජීර්ණය වී, අවශෝෂණය කර පරිවෘත්තීය කරන අතර, ඒවා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු හා මන්දගාමී වීමට හේතු වෙයි.

ඒ අනුව කැකුළු සහලින් පිළියෙල කෙරෙන කිරිබත් කෑල්ලක් දෙකක් ආහාරයට ගැනීම නිසාවෙන් රුධිරයේ සීනි මට්ටම කෙරෙහිලා සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන බව පෙනී යයි. කෙසේ වෙතත් කිරිබත් පිළියෙල කර ගැනීම සඳහා යොදා ගන්නා පොල් කිරි සහ සුවඳකාරකයන් ලෙස එකතු කෙරෙන රම්පේ සහ එනසහල් නිසාවෙන් මෙහි ගුණයන් ඉතා විශිෂ්ට තත්ත්වයට පත් කෙරෙන අයුරු තවද විශ්මයජනක වෙයි.

පොල් කිරේ සැඟවුණු රහස්

කිරිබත් පිසීම සදහා අතීතයේ දී එළගිතෙල්, එළකිරි යනාදිය භාවිත කර තිබුණ ද, දැන් සුලභව භාවිත කෙරෙනුයේ පොල් කිරිය. සාමාන්‍යයෙන් කිරිබතට පොල් කිරි යහමින් එක් කෙරෙනු ඇත. පොල් කිරි ඉතා පෝෂණීය ආහාරයක් වෙයි. පොල් කිරෙහි තිබෙන ඉතාමත් සුවිශේෂී ගුණය වන්නේ එහි සුලභව අන්තර්ගත මධ්‍යම දාම මේද අම්ලයන් වෙයි.

සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකට හේතු වන මෙම මේදය, පොල් කිරි කෝප්පයක (මිලි ග්‍රෑම් 240) ග්‍රෑම් 57 ක් වැනි ඉහළ ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. එමෙන්ම පොල් කිරි කෝප්පයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 5 ක් ද, ආහාරමය කෙදි ග්‍රෑම් 5 ක්, කැලරි 570 ක් පමණ ද ලැබෙයි.

මෙම කැලරි ප්‍රමාණය ප්‍රධාන ලෙස පොල් කිරිවල තිබෙන හිතකර මේදයෙන් ලැබෙයි. මෙයට අමතරව පොල් කිරි කෝප්පයකින් විටමින් සී දවසකට අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට 11 ක්, ෆෝලේට් සියයට 10 ක් , යකඩ සියයට 22 ක් , මැග්නීසියම් සියයට 22ක් , පොටෑසියම් සියයට 18 ක් , තඹ සියයට 32 ක් , සෙලනියම් සියයට 21 ක් , මැන්ගනීස් සියයට 110 ක් ද ආදී වශයෙන් ලැබෙයි. පොල් කිරෙහි පෝෂණ සංයුතිය දෙස විමසිලිමත් වීමේ දී පෙනී යන එක් සුවිශේෂි කරුණක් වන්නේ මෙය අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලෙන්ම පාහේ සපිරි ඉතා පෝෂණීය ආහාරයක් වීම ය.

https://fdc.nal.usda.gov/fdc-app.html#/food-details/170172/nutrients

මෙහි අන්තර්ගත මධ්‍ය දාම මේද අම්ල (Medium-chain fatty acids) සතු ඉතා සුවිශේෂී ගුණාංග රාශියක් මතු කර ගන්නට මෑත කාලීන පර්යේෂණවලින් විද්‍යාඥයින්ට හැකි වී තිබේ. දිගු දාම මේද අම්ල මෙන් නොව, මධ්‍ය දාම මේද අම්ල ආහාර ජීර්ණ පද්ධතියේ සිට කෙලින්ම ඔබේ අක්මාව වෙත යැවෙයි. එහිදී ඒවා ශක්තිය හෝ කීටෝන් නිෂ්පාදනය සඳහා යොදා ගනී. ඒවා මේදය ලෙස ගබඩා කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මෙය සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකටම හේතු වෙයි. අනෙකුත් මේද හා සසඳන විට පොල් කිරි මේදය, ආහාර රුචිය අඩු කිරීමට සහ කැලරි ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත. විශේෂයෙන් පොල් කිරි සතු මේදය හදවතට ඉතාමත් හිතකර මේද අම්ලයන් බවට හදුනා ගෙන ඇත. තවද පොල් කිරි මේදය උදර පෙදෙසේ රැස් වන අනවශ්‍ය මේදය ඉවත් කිරීමට ද දායක වෙන බව සොයා ගෙන ඇත.

එමෙන්ම රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත්, අහිතකර කොලෙස්ටරෝල් මම්ටම අඩු කරන්නටත් පොල් කිරි මේදය ඉවහල් වන බව සොයා ගෙන ඇත. අධික බර සහිත පිරිමින් පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ උදෑසන ආහාර වේලෙහි පොල් කිරෙහි අන්තර්ගත මධ්‍ය දාම මේද අම්ල සුලභව පරිභෝජනය කිරීමෙන් පසුව දවසේ ඉදිරි කාලයේ දී ඔවුන්ගේ ආහාර ගැනීම අඩු වන බවයි. මෙය බර පාලනය කර ගන්නට වෙහෙසෙන උදවියට සතුටුදායක ආරංචියක් වනු නිසැකය.

පොල් තෙල් හා කිරිවල අන්තර්ගත මේද අම්ලයන් පිළිබද සොයා බැලූ බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ, එහි සුලභ අන්තර්ගතය වන ලෝරික් අම්ලය (Lauric acid) ප්‍රතිශක්තිකරණ පද්ධතියට සුවිශේෂි ලෙස සහය විය හැකි බවයි.

සමහර සොයා ගැනීම් වලින් පෙනී යන්නේ ලෝරික් අම්ලයට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී හා ප්‍රති- ප්‍රදාහක ගුණ ඇති බවයි. ලෝරික් අම්ලය ඉතාමත් ආක්‍රමණශීලී වෛරස් වර්ගත්, නියුමෝනියාව, ක්ෂය රෝගය වැනි භයානක රෝග සදහා හේතු වන බැක්ටීරියා වර්ගත්, හානිකර දිලීර වර්ගත් සාර්ථකව මර්දනය කරන බව පෙට්රි දීසි පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත.

ලෝරික් අම්ලය පියයුරු පිළිකා සෛල හා ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියල් පිළිකා සෛල විනාශ කරන බවත් පර්යේෂකයින් සොයා ගෙන තිබේ. මෙම සොයා ගැනීම්වලට අනුව, මෙම අම්ලය පිළිකා සෛල වර්ධනය වළක්වන අතර, පිළිකා සෛලවල වර්ධනය නියාමනය කරන ඇතැම් ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන උත්තේජනය කරන බවත් සොයා ගෙන තිබේ. https://www.medicalnewstoday.com/articles/323743.php#top-3-health-benefits

ලිංගික ජීවිතය උත්කර්ෂවත් කරන කිරිබතේ රහස

කිරිබතට එක් කෙරෙන ප්‍රධානතම ස්වභාවික රස කාරකයක් වන්නේ කරදමුංගු නොහොත් එනසාල්ය. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලුකාරි තත්ත්වයන් වන අජීර්ණය, ඔක්කාරය, වමනය, ආමාශ වේදනාව සහ කැක්කුම වැනි ගැටලු සමනය කිරීම සඳහා එනසාල් සතු ක්‍රියාකාරි ශාක රසායනික සංගටක උපකාරී වන බව සොයා ගෙන ඇත. මේ හැර ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගී සෞඛ්‍යය තත්ත්වය නංවාලීමට ද එනසාල් හොඳ ය. එනසාල් ආමාශයේ ආම්ලිකතාවය සමනය කිරීමට ද උපකාරී වේ. මෙය ගැස්ට්‍රයිටිස් නොහොත් අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන උදවිය සඳහා කදිම ආහාරයක් වෙයි. එමෙන්ම එනසාල්වල අන්තර්ගත ඇරෝමැටික රසායනික සංගටක වල බලපෑම නිසාවෙන්, එනසාල් මානසික ආතතිය, මානසික අවපීඩනය හෝ වෙනත් මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන අයට කදිම සහනයක් ගෙන දෙන දෙයි. එනසාල් මුසු කිරිබත් ආහාරයට ගැනීම නිසාවෙන් දවස පුරාම ඔබට මානසික ප්‍රබෝධවත් බවකින් සිටින්නට උපකාරි වනු ඇත.

කිරිබතට එකතු කෙරෙන එනසාල් නිසාවෙන් ඔබට ලැබෙන තවත් විශිෂ්ට සෞඛ්‍ය ප්‍රතිලාභයක් වන්නේ එය ඔබගේ ලිංගික ජීවිතය ප්‍රබෝධවත්ව තබා ගැනීමට ද දායක වීමයි. එනසාල් ලිංගික බෙලහීනතාවය සහ මදසරුභාවය සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බව විද්‍යාඥයෝ යෝජනා කරති.

කිරි හෝ පොල් කිරි සමඟ භාවිතයෙන් එනසාල් සතු මෙම ලිංගිකත්වය සරු කෙරෙන ගුණය ඉහළ නංවාලිය හැකි බවට ද අදහස් කෙරේ. තවද ලිංගික සරුභාවය සඳහා දායක වන ක්ෂ්‍රද්‍ර පෝෂකයක් වන සින්ක් පොල් කිරිවල සහ රතු කැකුළු සහල්වල යහමින් අන්තර්ගත වීම ද කිරිබත ලිංගික සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙන ආහාරයක් බවට පත් කරයි. මීට අමතරව කිරිබතට එක් කෙරෙන එනසාල් සතු ප්‍රතිඔක්ෂිකාරක ගුණ නිසාවෙන් හදවතට අක්මාවට සහ මොළයට සුවිශේෂි ප්‍රතිලාභ රාශියක් ලැබෙනු ඇත.

සීනි පාලනය කරන කිරිබතේ රම්පේ මුසුව

අප ගනු ලබන ආහාරවල තිබෙන පිෂ්ටය සාමාන්‍යයෙන් සරල සීනි සහ මොනොසැකරයිඩ බවට පරිවර්තනය කරනු ලබන්නේ අන්ත්රය තුළ තිබෙන ඇල්ෆා-ග්ලූකෝසයිඬේස් (alpha- glucosidase) නැමති එන්සයිම මගිනි.

මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකිනම්, ඒ හරහා අප ගනු ලබන පිෂ්ටය සහ සීනි ප්‍රමාණය රුධිරයට අවශෝෂණය වීම පාලනය කර ගැනීමට ද හැකි වෙයි. ඇල්ෆා-ග්ලූකෝසයිඩේස් නිෂේධක (alpha- glucosidase inhibitors) යනු දියවැඩියා රෝගය සඳහා භාවිතා කරන මුඛ මාර්ගයෙන් ලබා දෙන ප්‍රති-දියවැඩියා ඖෂධයන් වෙයි. මෙම ඖෂධ මගින් කාබෝහයිඩ්‍රේට් පිෂ්ටය සහ සීනි ජීර්ණය වීම මන්දගාමී කරයි. රම්පේ පිළිබද සිදු කර තිබෙන පර්යේෂණවලට අනුව රම්පේ පත්‍ර ඇල්ෆා ග්ලූකොසයිඩේස් නිශේධක ගුණ යහමින් පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. තවද රම්පේ සතු ක්‍රියාකාරි සංගටක මගින් අග්න්‍යාශයික සෛලවල ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කෙරෙන බව ද සොයා ගෙන තිබේ. රම්පේ පත්‍ර සතු මෙම හැකියාව ද රුධිරගත සීනි පාලනය කර ගැනීමට වෙහෙසෙන උදවියගේ බලාපොරොත්තු ඉහල නංවාලන තත්ත්වයක් වෙයි.

මේ අනුව කිරිබතට අනිවාර්යෙන්ම එක් කෙරෙන රම්පේ කොළ කිහිපය නිසාවෙන් කිරිබතෙහි තිබෙන පිෂ්ටයෙන් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම තවදුරටත් පාලනය කෙරෙයි. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4329610/

රම්පේ සතු ක්‍රියාකාරි ශාක රසායනික සංගටක ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරන බවත්, මළ බද්ධය වළක්වන බවත්, උදරාබාධ, උදරය තුළ වාතය රැස්වීම වැනි අපහසුතාවලට සහනයක් ලැබෙන බවත්, සොයා ගෙන තිබේ. එමෙන්ම රම්පේ සතුව පිළිකා පාලනය කිරීමේ ගුණයක් මෙන්ම, අක්මාවේ විෂ හරණය කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කෙරෙන ගුණයක් ද තිබෙන බව සොයා ගෙන ඇත. 

මේ අනුව වස විස නැති පාරම්පරික සහලින්, රම්පේ, කරදමුංගු සහ පොල් කිරි යහමින් දමා සකස් කෙරුණු කිරිබත වනාහි අපගේ අතීත ඥාතීන් ඉදිරි පරම්පරාවේ නීරෝගි යහපැවැත්ම උදෙසා සම්පාදනය කොට දුන් දිව්‍යමය ආහාරයක් වෙයි.

කිරිබතේ ගුණ මරන නූතන වරිගයා

ඕනෑම රටක සමාජයක සංස්කෘතිකාංග විකසනය වී සංවර්දනය වීම සදහා එම රටේ, සමාජයේ බල පැවැත්වෙන නිෂ්පාදන ආර්ථික ක්‍රමය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. අපගේ අතීත සමාජයන්වල නිෂ්පාදන ආර්ථික ක්‍රමය ඉඳුරාම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සමග බද්ධ වී තිබු එකකි. එබැවින් ආහාර නිෂ්පාදන ක්‍රියාදාමය සහ ආහාරයෙහි ගුණයන් සුරැකුණු සංස්කෘතිකාංග රාශියක් ජන සමාජයේ තිරසර පැවැත්ම උදෙසා නිර්මාණය වී තිබුණු බව පෙනී යයි.

කිරිබත ද එවැනි සංස්කෘතිකාංගයක් වෙයි. එවැනි ජන සමාජයක් තමන් අනුභව කරනු ලබන, පරිභෝජනය කරනු ලබන ආහාර සහ සොබාදහමේ සම්පත් පිළිබදව අතිශයින්ම සවිඥානක වෙයි. ඔවුන් තමන් සදහා මෙන්ම අනුන් සඳහා ද නිෂ්පාදනය කරනු ලබන සහලට, බතට, ගෙඩියට, කොළයට වස විස මුසු කළේ නැත.

අද දවසේ දී අප අත් දකිමින් සිටින්නේ, මුලුමනින්ම වෙනස් විෂය මූලික තත්ත්වයක් තුළ (නිෂ්පාදන ආර්ථික සමාජ ක්‍රමයක් තුළ) නිර්මාණය වූ මෙරට පැරණි සංස්කෘතිකාංග ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් නොමැති, වෙළෙඳාම සහ කොමිස් මත පදනම් වුණු, වසඟකාරි, අධිපාරිභෝගික නව ලිබරල් සමාජ ආර්ථීක තත්ත්වයන් තුළ මිනිසුන්ගේ ඇඟට නොදැනීමේ (මනෝමූලික නොවීමේ) තත්ත්වයකි. සංස්කෘතිය, ඉතිහාසය මානව සමාජයේ ප්‍රගතිශීලිසහ තිරසර පැවැත්මක් උදෙසා යාවත්කාලීන කර නොගන්නා අපේ රටේ බොහෝ දෙනෙකු වනාහි අතීතකාමීන් පමණක් වෙයි.

ඒ අතීතකාමීන්ට සංස්කෘතිකාංග සම්බන්ධයෙන් ඇත්තේ සංඛේත වටිනාකම් පමණි. ඒවායෙ කාලානුරූප නොවන නිෂේධනීය දේවල් අත්හරින්නටවත්, සාධනීය දේවල් අප්ඬේට් කර ගන්නටවත් අවශ්‍ය නැත.

අතීතකාමී පාරිභෝගිකයින් පිරිසකට සංස්කෘතික සංඛේත විකිණීම වෙළෙන්ඳන්ට මහ ලාබ ගෙන දෙන කටයුත්තක් ද වෙයි.ඒ අනුව නව අවුරුදු උදාව මෙන්ම වෙසක් ,නත්තල්, රාමසාන්, තෛයිපොංගල් යනු වෙළෙදපොළ බලවේග විසින් මුලුමණින්ම සිය අනසකට ගත් සංස්කෘතිකාංගයන් වෙයි. වෙළෙදාමෙහි සහ පාරිභෝජනවාදයේ ආනුභාවයට වසග වූ ජන සමාජයක් තුළ සබුද්ධිකත්වය ඉතිරි වන්නේ නැත.

එවන් සමාජයකට තමන් ආහාරයට ගනු ලබන සහලට ආසනික් එකතු වීම ගැටලුවක් වන්නේ නැත. සහල් මෝල් කරුවන් සහල් කල් තබා ගන්නට විෂ රසායනික ද්‍රව්‍ය එක් කිරීම දැනෙන්නේ නැත. හෝටලයකට ඕඩර් එකක් දී ගෙන්වා ගනු ලබන කිරි බතට එනසාල්, රම්පේ දැම්මාද යන්න අදාලම නැත. කොටින්ම එසේ ගෙන්වා ගෙන සිරිතට වළඳණු ලබන කිරි බතට පොල් කිරි වෙනුවට පැකට් කළ පොල් කිරි පිටි, මෙලමයින් කිරි පිටි හෝ අනාගතයේදී “කිරිබත් රසකාරක” තිබුණාට කම් නැත.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක
කොළඹ මහා නගර සභාවේ ආහාර ස්වස්ථතා සහ ප්‍රවර්ධන ඒකකය

උපුටා ගැනීම : සිළුමිණ

Previous Article

උසස් පෙළ සමත් 1,81,000ට උපාධි වරම්

Next Article

ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher SP

Related articles More from author

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    July 13, 2021
    By Publisher WH
  • විශේෂාංග

    පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය දකුණු කොරියාවෙන් යන්ත්‍රයක්…

    May 30, 2019
    By Publisher ISH
  • විශේෂාංග

    පරිසරවාදී ගවමස් තහනම…

    August 19, 2019
    By Mokshi MT
  • පාසල් පුවත්විශේෂාංග

    තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් සහ විශේෂ සම්මාන දෙකක්…

    April 30, 2019
    By Publisher ISH
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    December 28, 2019
    By Publisher SP
  • කාලීන සිදුවීම්විශේෂාංග

    තායිලන්ත නව අගමැති ප්‍රයුත් චාන් ඔචා…

    June 6, 2019
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • පාසල් පුවත්

    පාසල් සිසුන්ගේ පැමිණිමේ වර්ධනයක්-අධ්‍යාපන අමාත්‍යාංශය…

  • පාසල් පුවත්විභාග

    සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 : පාසැල් යලි විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවසර නොමැතිනම් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය

  • රැකියා පුවත්

    රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited