සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේට ගුරු පත්වීම්…
සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිට විජිණිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළ අතර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ මෙහි ප්‍රධානත්වය ගනු ලැබීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දහම් පාසල් ශක්තිමත් කරමින් දරුවන් ආගමට නැඹුරු කිරීමට දැඩි වගකීමක් පවතින බවයි.
සමාජයේ ඇති වු නොයෙක් ගැටළුවල දී නායකහිමිවරුන්ගේ උපදෙස් තම රජයට ඒ කාලයේ දී හිමිවු බවත් පැවසු අගමැතිවරයා, ඒ නිසාවෙන් දහම් පාසල් සහතිකයට ගුරු පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ වු බවත් පැවසීය.
විශේෂයෙන්ම පසුගිය කාලයේ දී හාමුදුරුවරු උපාධිධාරීන් ලෙස සංවර්ධන නිලධාරීන් ලෙස බොහෝ ග්‍රාමසේවා වසම්වලට අනුයුක්ත කර ඇතැයි ද පැවසු අගමැතිවරයා, ඒ නිසාවෙන් හාමුදුරුවරුන්ට සුදුසු ගුරු පත්වීම්වලට ඔවුන්ව මාරු කර යැවීමට පියවර ගත් බවත් කියා සිටියේය.
දහම් පාසල් ශක්තිමත් කිරීමට යුතුකමක් ඇති බවත් අනෙක් සෑම අයෙකුටම පල්ලිවලට යෑමට පවා දිනයක් ඇති බවත් බෞද්ධයන්ට පන්සල් යෑමට දිනයක් නිවාඩු ලබා දී ඇතැයි ද පැවසු අගමැතිවරයා, පෝය දිනයට නිවාඩු දෙනු ලැබුවේ ද පන්සල් යෑම සඳහා බවත් පැවසීය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)