සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද ඇරැඹේ

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරේ.
ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල අධ්‍යාපන කටයුතු පසුගිය 21 වැනිදා ආරම්භ කෙරුණු අතර, ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි සියලු පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතය.
මීට සමගාමීව රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශ ද අද සිට ආරම්භ වේ. මේ අතර, වැඩ වර්ජනයේ නිරත වූ ගුරු හා විදුහල්පති සමිති සන්ධානයට අයත් ගුරු විදුහල්පතිවරු ද අද සිට අදාළ පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇත.
උපුටා ගැනීම: දිනමිණ ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)