සියලු පාසල්වල 10-11-12-13 ශ්‍රේණි 08 දා ඇරැඹේ…
6-9 අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශය ලද වහාම
රට පුරා සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ මස 08 වැනිදා සිට ආරම්භ ආරම්භ කෙරේ.
සෞඛ්‍ය නිර්දේශය ලද වහාම 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ද ආරම්භ කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සැලසුම් කරගෙන යයි.
රට පුරා සියලු පාසල්වල අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබූ අතර, ඒ අනුව 10,11,12 සහ13 ශ්‍රේණි මේ මස 08 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එසේම, පවතින අධ්‍යයන කාලරාමුව කළමනාකරණය කර ගනිමින් අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමටත්, විභාග පැවැත්වීමටත් මීට සමගාමීව අවශ්‍ය සැලසුම් සකස් කරන බව මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා (30) සඳහන් කළේය.
නියමිත අධ්‍යයන කාලරාමුවෙහි නිවැරැදිව කටයුතු කිරීමෙන් අ.පො.ස උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමේ ඉලක්කය වෙත ළඟා වීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
රට පුරා සියලුම පාසල්හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ කිරීමෙන් පසු මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇමැතිවරයා කීය.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)