සියලු පාසල් අප්‍රේල් 19 දා ආරම්භ කරනවා…
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ සියලු පාසල් ඊයේ(15) විවෘත කිරීමට නොහැකිවූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව බව පැවසූ ඇමැතිවරයා බස්නාහිර පළාතේ 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සහ දිවයිනේ අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා ද ඊයේ (15) පාසල් යළි විවෘත කළ බව කියා සිටියේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අප්‍රේල් මස 19 වෙනි දින විවෘත කිරීමට තීරණය කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)