සියලු ශ්‍රේණි සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වේ…
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා ලබා දුන් දීර්ඝ නිවාඩුවට පසුව අද (10) සිට සියලු ශ්‍රේණි සඳහා පාසල් වල අධ්‍යයන කටයුතු ආරම්භ වේ.
5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත දින නම් කර තිබේ.
ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙනු ඇත. මීට අමතරව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සදහා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .
මේ අතර සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ද්විතියක පාසල් සඳහා සදුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අගහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් පාසල් පැවැත්වෙනු ඇත. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත් වේ.
6,7,8 සහ 9 ශ්‍රේණි සදහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)