සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි…
ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතනවල ඉගැන්වීම් කටයුතු මෙම මස 21 වැනිදා සිට නැවැත ආරම්භ කෙරෙන බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊට පෙර කෘත්‍යාධිකාරී/පරිවෙණාධිපති හිමිවරුන් සහ සියලුම ආචාර්ය මණ්ඩල ලබන 14 වැනිදා රැස්වී එම පිරිවෙන්වල කටයුතු පවත්වාගෙන යන ආකාරය සාකච්ඡා කළ යුතු අතර 15 වැනිදා දෙමාපියන්, භාරකරුවන් හා වැඩිහිටි සිසුන් සහභාගී කරගෙන පිරිවෙන් පරිශ්‍ර විෂබීජහරණය කිරීමත්, 18, 19 දිනවල දීර්ඝ කාලයක් සාමාන්‍ය අධ්‍යාපනයයෙන් බැහැර වූ සිසුන්ගේ ආතතිය දුරුකිරීමේ වැඩසටහනක් පැවැත්මත් කළ යුතු බව පිරිවෙන් අධ්‍යාපනය යළි ඇරඹීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වේ.
ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන ඇති බව එහි සඳහන් වේ.
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ උපදෙස් පරිදි පිරිවෙන් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීම පිළිබඳ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.
උපුටා ගැනීම: ලංකාදීප
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)