සිසුන් 4ක් සිටින පාසලට සහන රැසක්..
මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 1ක් වන අතර ගුරුවරුන් හතර දෙනෙක් (04) සේවය කරයි.
ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් මෙම පාසලට පත්වීමට නියමිත ව සිටින අතර, මේ වනවිට සිසුන් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත්තේ පාසලේ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හා පහසුකම් සහිත පාසල් කිහිපයක් එම පාසලට ආසන්නයේ පිහිටා තිබීමයි.
පාසල තුළ සිසුන් රදවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය වෙනුවෙන් ගලේවෙල අධ්‍යාපන කලාප බලධාරීන් මෙන් ම ඉදිරියේ දී පාසලට පැමිණීමට අපේක්ෂිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරයා ද ඉමහත් පරිශ්රමයක යෙදෙමින් සිටියි.
2020 වර්ෂය සදහා මෙම පාසලට සිසුන් තිදෙනෙක් (03) අලුතින් බදවා ගැනීමේ අවස්ථාවට 16 වෙනිදා හදිසියේ සහභාගී වූ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ, එක් සිසුවෙකුගෙන් පවත්වාගෙන ගිය මෙම පාසලට අලුතින් සිසුන් තිදෙනෙකු මෙවර ඇතුළත් වීම ඉතා යහපත් ආරම්භයක් ලෙස සැලකිය හැකි බවත් ඉදිරියේ දී මෙම විද්‍යාලයට පහසුකම් සහිත පාසල් ගොඩනැගිල්ලක් ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා අතර, ඉදිරි වර්ෂය වනවිට සිසුන්ගේ ඇතුළත්වීම තවදුරටත් යහපත් කිරීමට ඒ අනුව හැකිවනු ඇති බවයි. එමෙන් ම අලුත් පාසල් පිහිටුවීම මෙන් ම වැසී යන පාසල් නගාසිටුවීමට ද රජයක් වශයෙන් සහයෝගය ලබාදීම තම වගකීම වන බව ද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.
උපුටා ගැනීම: අද පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)