සුරක්ෂා සිසු රක්ෂණාවරණය අලුත් වේ.
පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම 2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අදාළ ආයතනය සමඟ එකඟතා ගිවිසුම් අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.
ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2020-05-31 සිට 2020-09-30 වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති එකඟතා ගිවිසුම දීර්ඝ කරමින් 2020-10-01 සිට 2020-12-01 තෙක් පැවති එකඟතාව, ඒ අනුව 2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ.
2020-05-30 දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්‍රතිලාභ දීමනා ලබාගැනීම සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කළ යුතුය.
මෙම රක්ෂණ හිමිකම් අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් වළකින ලෙස දෙමව්පියන්, දූදරුවන් දැනුවත් කරන මෙන් කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලු පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
උපුටා ගැනීම: අද දෙරන
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)