සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්…
සෞදි ආරාබිය වෙත රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේ.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ මිනිස්බල සමාගමේ කළමානාකාරීත්වය අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව වාර්තා වේ.
සෞදි ආරාබිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා රැකබලා ගැනීමේ ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් පවතී.
දැනටමත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථව සහ පුද්ගලික අංශවල එම රැකියාවල නිරත වුවද ඔවුන් විශේෂිත පුහුණුවක් නොලැබුවන් බැවින් ඉහළ වැටුපක් හිමි නොවන බව පෙන්වා දෙයි.
ඒ අනුව මෙරට තුළදී ඔවුන්ට NVQ පුහුණු පාඨමාලා පවත්වා රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගගෙන ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
උපුටා ගැනීම: අද දෙරණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)