හඬා වැටෙන ඕස්ට්‍රේලියාව…

ඕස්ට්‍රේලියාව පුරා පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට ඉතා විශාල හානියක් සිදුවී ඇති අතර ඕස්ට්‍රේලියාවේ ජනජීවිතයට විශාල බලපෑමක් එල්ල කොට ඇත.මේ වනවිට ස්වේච්ඡා ගිනි නිවන භටයින් තිදෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති අතර හෙක්ටයාර් මිලියන හයක් (වර්ග කිලෝමීටර් 60,000 ක් හෝ අක්කර මිලියන 14.8 ක්) , වනාන්තර සහ උද්‍යාන ගින්නෙන් විනාශ වී ඇත .
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය ලින්ඩා රෙනෝල්ඩ්ස් පැවසුවේ ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙවැනි තත්වයක් ඇතිවූ පළමු අවස්ථාව මෙය බවයි.මේ වන විටත් ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය 40C (104F) ඉක්මවා ඇති අතර සෙනසුරාදා දිනය “භයානක දිනයක්” ලෙස සලකා කටයුතු කිරීමට සිදුවන බව නිලධාරීන් විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
මේ අතර අද දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුයේ පවතින තත්වය වඩාත් දරුණු මට්ටමක ලඟා වීමේ අවධානමක් පවතින බවයි. ඒ අනුව නැගෙනහිර වික්ටෝරියා ප්‍රදේශ සඳහා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ බලධාරීන් සඳහන් කරන පරිදි සති අන්තයේ අධික උෂ්ණත්වය සහ තද සුළං ඇති විය හැකි අතර එමඟින් රට පුරා ඇති වන ලැව්ගිනි තත්වය වඩාත් දරුණු තත්වයකට ලඟා වීමේ අවධානමක් පවතී. වික්ටෝරියා ප්‍රදේශයේ ඇතිවූ ගිණි ගැනීම් තුනක් තුලින් හෙක්ටයාර් 6000 පුරාවට ගිණි ගැනීම් පැතිර ගොස් ඇත. පසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියානු නාවික හමුදාව වික්ටෝරියා වෙරළ තීරයේ ගින්නෙන් විනාශ වූ නගරයක් වන Mallacoota හි සිරවී සිටි සංචාරකයින් සහ නිවැසියන් 1,000 ක් පමණ ඉවත් කර තිබේ.මේ අතර නෞකාවක් වන HMAS Adelaide සෙනසුරාදා සිඩ්නි නුවරින් යාත්‍රා කිරීම ආරම්භ කරන අතර අවශ්‍ය නම් වෙරළ තීරයෙන් පුරවැසියන් ඉවත් කිරීමට සූදානම්ව වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලනු ඇත.
මෙම ලැව් ගිණි හේතුවෙන් වඩාත්ම බලපෑම් එල්ලවී ඇති ප්‍රදේශය වන නිව් සවුත් වේල්ස්හි ගින්නෙන් හෙක්ටයාර මිලියන හතරකට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇත.තවද නිවාස 1,300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වලට පිටත් කොට යවා ඇත. උණුසුම් වියලි කාලගුණය, දීර්ඝ කාලයක් පැවති නියඟය සහ තද සුළං සමඟ එක්ව ගින්න වේගයෙන් පැතිරීමට පරිපූර්ණ තත්වයන් නිර්මාණය කර තිබේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රදේශය තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර “සංචාරක නිවාඩු කලාපයක්” ද ප්‍රකාශයට පත් කොට ඇත.
නිව් සවුත් වේල්ස්හි ග්‍රාමීය ගිනි සේවා කොමසාරිස් ෂේන් ෆිට්ස්සිමන්ස් අනතුරු අඟවා ඇත්තේ සෙනසුරාදා “සෑම කෙනෙකුටම දිගු හා දුෂ්කර දිනයක්” වනු ඇති බවටයි.තව දුරටත් අදහස් දක්වමින් ඔහු “අපට දැනටමත් ඇති වී ඇති ගින්න පිලිබඳ දනිමු … නමුත් අද අප සුපරීක්ෂාකාරී විය යුතු වන්නේ මෙම උණුසුම්, වියලි, සුළං සහිත තත්වයන් යටතේ නව ගිණි ඇතිවීමේ හැකියාව පිළිබඳවයි ,” යැයි පවසා සිටියේය.
නිව්ස්.කොම් වෙබ් අඩවිය පවසන පරිදි මේ වන විටත් ගිනි නිවන භටයන් 3,000 ක් පමණ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ රාජකාරි වල යෙදී සිටිති. මේ අතර බැට්මන්ස් බොක්ක අසල මිනිසුන් 30,000 කට පමණ විදුලිය අහිමි වී ඇත. බලශක්ති සමාගමක් වන එසෙන්ෂල් එන්ර්ජි පවසන්නේ විදුලිය සුරක්ෂිතව යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බවයි.
ඕස්ට්‍රේලියාවේ මෙම තත්වයට පසුබිම් වුයේ කුමක්ද ?
ඕස්ට්‍රේලියාවේ මෙම ගිණි ගැනීම් සැප්තැම්බර් මාසයේ ආරම්භ විය. මාරාන්තික අනතුරු වලට අමතරව, එය මේ වන විට නිවාස 1,300 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම අක්කර මිලියන ගණනක ප්‍රදේශ විනාශ කර ඇත.
කාලගුණ විද්‍යා අංශ පවසන්නේ ඉන්දියානු සාගරයේ දේශගුණික පද්ධතියක් වන ද්වි ධ්‍රැවය ඕස්ට්‍රේලියාවේ අධික උණුසුම පිටුපස ඇති ප්‍රධානතම ධාවකයා බවයි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ නියඟ තත්වයන් යටතේ පවතින අතර වසර ගණනාවක් තිස්සේ ගින්න පැතිරීම හා වර්ධනය වීම පහසු කර ඇත. දත්ත වලින් පෙනී යන්නේ 1910 සිට ඕස්ට්‍රේලියාව සෙල්සියස් අංශක එකකට වඩා තරමක් උණුසුම්වී ඇති බවය. 1950 සිට බොහෝ උණුසුම වැඩිවීම සිදුවී ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.
ඕස්ට්‍රේලියාව සිය සර්වකාලීන උෂ්ණත්ව වාර්තාව දෙසැම්බර් මාසයේදී දෙවරක් බිඳ දැමීය.දෙසැම්බර් 17 වන දින සාමාන්‍ය උපරිම අගය 40.9C ලෙස සටහන් වූ අතර එය දිනකට පසුව 41.9C කින් බිඳී ගිය අතර, 2013 වාර්තාව 40.3C ලෙස වාර්තා විය. මාසය අවසන් වන විට සෑම ප්‍රාන්තයක්ම 40C ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතින ලදී. විශේෂත්වය වන්නේ එම තත්වය සාමාන්‍යයෙන් ප්‍රධාන භූමියට වඩා සිසිල් වන තස්මේනියාවේද පැවතීමයි.
මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ලැව්ගිනි පාලනය කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්විය. හවායි වෙත නිවාඩුවක් ගත කිරීමට යාම සහ දේශගුණික විපර්යාසයේ භූමිකාව අවතක්සේරු කිරීම ඇතුළු චෝදනාවලට ඔහුට මුහුණ දීමට සිදුවී තිබේ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)