හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්…
දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්යය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හෙටින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය.
“පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට පාසලට පැමිණීමට හැකියි. ගුරුවරුන්ට පළාත් අතර මාරුවෙන්න බැරිනම් SMS එකක් එවන්නම්.”
එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ පාසල් පැමිණීමේ දී සපත්තු පැළඳීම ද අනිවාර්යය නොවන බවය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික අංශය මාස 06කට පමණ පසුව හෙට දිනයේ සිට විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මීට අමතරව පසුගිය 21 වනදා සිට ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට රජය පියවර ගනු ලැබීය.
ඒ අනුව, හෙට දිනයේ සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)