ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න -ජනපති…
සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ළමා ජීවිත ආපසු හැරවිය නොහැකි බැවින්, ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටී.
අද ට (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
වර්මානයේ ලෝකය මුහුණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය දුරස්ථව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙවර ද ලෝක ළමා දිනය දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් බවත් ළමුන් සියලුදෙනාට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ළමා දින පණිවුඩයේ දැක්වේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
උපුටා ගැනීම: අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)