රජයෙන් රැකියා ලක්ෂයක්.., ජාතික පාසල් දහසක්..

බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඒ සදහා සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබු අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එමෙන්ම රටපුරා ඇති ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වර්ධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වු බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කෙරුණි.
2019 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි තීරණ කිහිපයකට එළඹ ඇත.
ඒ අනුව සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙස පවත්වාගෙන යාම,
තිරිඟු පිටි ආනයනය සඳහා පනවා ඇති බදු අඩු කිරීම,
ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීම,
Z – score ක්‍රමයේ දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.
එමෙන්ම අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස විදුලි වැටවල් නඩත්තු කිරීම,
බහු කාර්යය සංවර්ධන කාර්යය සාධන බලකායක් පිහිටුවීම සඳහා අඩු ආදායම් ලාභී පවුල් වල තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගැනීම ,
රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂයයන් හා කාර්යය පැවරීම විෂය භාර කැබිනට් අමාත්‍යවරුන්ට භාර දීම ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)