උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනවල කිසිදු වෙනසක් නැහැ…

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පවතින වාතාවරණය තුළ අදාළ විභාග කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වී ඇති බැවින් සිසුන් ඒ සඳහා යොමු කරවීම දෙමව්පියන්ගේ වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර පාසල්වල දෙවන වාර විභාග ද නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
උපුටා ගැනීම: www.newsfirst.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)