05 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ..
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණා.
කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 184 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩඉම් ලකුණ 181 ක්ද, කොළඹ නාලන්ද විද්‍යාලයේ කඩඉම් ලකුණ 179 ක් සහ කොළඹ ඞී එස් සේනානායක විද්‍යාලයේ කඩඉම් ලකුණ 177 ක්ද වනවා.
කොළඹ විශාඛා විද්‍යාලයේ කඩඉම් ලකුණ 186 ක් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ 182 ක් වනවා.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කඩඉම් ලකුණ 173 ක්ග ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 179 ක් වනවා.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කඩඉම් ලකුණ 182 ක් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයේ කඩඉම් ලකුණ 179 ක් වනවා.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 177 ක්ද මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 173 ක්ද බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ සහ ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ කඩඉම් ලකුණ 180 ක් වනවා.
සම්පූර්ණ පාසල් කඩඉම් ලකුණු ලැයිස්තුව පහතින්..
උපුටා ගැනීම : නෙත් නිවුස්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)