10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි…
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මස අවසන් වන තුරු පමණක් පෙ.ව. 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වේ.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)