දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු පුරප්පාඩු පිරවීමට සම්මුඛ් පරීක්ෂණ…
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ගුරු පුරප්පාඩු 1150ක් සම්පූර්ණ කිරීමට උපාධිධාරීන් බඳවා ගැනීමට මේ දිනවල සම්මුඛ් පරීක්ෂණ පවත්වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේඛම් වයි.වික්රමසිරි මහතා පැවසීය. පළාත් ගුරු සේවය සඳහා පසුගිය කාලයේ පවත්වන ලද තරඟ විභාගයට ඉදිරිපත්ව සමත් වූ උපාධිධාරීන් මේ සඳහා කැඳවා ඇත.
විශ්‍රාම යන ගුරුවරු නිසා ඇතිව තිබෙන මේ ගුරු පුරප්පාඩු අගෝස්තු මස 15 වැනි දින වන විට සම්පූර්ණ කිරීම අපේක්ෂාව බවද ලේකම්වරයා පැවසීය. දකුණු පළාත් පාසල් වල සේවයට පසුගිය කාලයේ බඳවාගනු ලැබූ අනධ්‍යන කාර්යමණ්ඩල අතිරික්තයක් මාතර දිස්ත්‍රික්කය තුල පවතින අතර සේවා තුලනය කිරීම සදහා අතිරික්ත සේවකින් ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පාසල් සඳහා ස්ථාන මාරුකර යැවීමද මේ දිනවල සිදුකරන බව වික්රමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළහ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)