මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය…

මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පොසොන් සතිය හා මිහින්තලා පෙරහැර ජාතික උත්සවය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් මිහින්තලය පොසොන් පෙරහැර සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන සලසා දීමටත් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මඟින් අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
විශේෂිත පින්කම් හා චාරිත්‍ර සමඟින් පොසොන් උත්සවය, ජාතික උත්සවයක් ලෙස පැවැත් විමේ දී ඇති වන දුෂ්කරතාවයන් අවම කර ගැනීමට මෙම පියවර ගෙන ඇත. ඒ සඳහා දැනට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයට සාපේක්ෂව ඉහළ දායකත්වයක් රජය විසින් ලබා දීමේ අවශ්‍ය වන බව නිරීක්ෂණය වී තිබේ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)