අධික වැස්ස නිසා ඉන්දියාවේ පාසල් – සරසවි වැසේ…

අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි ආශ්‍රිත දිස්ත්‍රික් කිහිපයක පාසැල් හා විශ්ව විද්‍යාල වසා දමනු ලැබීය.
ඒ අනුව තේන්, පල්ඝර් සහ රායිගද් දිස්ත්‍රික්ක වල සියලු පාසැල් හා විශ්ව විද්‍යාල වසා දමන බවත් පිටතට නොපැමිණ නිවෙස් තුළට වී සිටින ලෙස ජනතාවට දැනුම් දෙන බවත් ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මුම්බායි හිදුම්රිය 12ක්, දකුණු මධ්‍යම දුම්රිය මාර්ගයේ දුම්රිය 18ක්, පමණ අවලංගු කර ඇති අතර තවත් දුම්රිය රැසක් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ. දුම්රිය අවලංගු කිරීම් හේතුවෙන් බොහෝ මගීන් දුම්රිය පොළවල රාත්‍රිය ගත කළ බව සඳහන්ය.
වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ වැඩි වනු ඇති බව කාලගුණ අනාවැකි උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)